ලංකාවේ දික්කසාද නීතිය පිළිබඳ විමසුමක්...
ශ්‍රී ලංකාවේ
විවාහයක් විසුරුවා හැරීමට අදාළ නීතීය නීති සම්ප්‍රදායන් කිහිපයකි. එනම්, රෝම
ලන්දේසි නීතියෙන් ව්‍යුත්පන්න වූ සාමාන්‍ය නීතීය, ඉංග්‍රීසි නීතීය හා දේශීය ව්‍යවස්ථා
මගින් වෙනස් කරනු ලැබූ පෞද්ගලික හෙවත් චාරිත්‍රනුකුල නීතිවල බලපෑමට ලක්ව ඇත. එහි
ප්‍රතිඵලයක් වශයෙන් විවාහයක් විසුරුවා හැරීමේ කාර්යපටිපාටිය හා පාර්ශවයන්ට ලබා ගත
හැකි වෛවාහක සහන ඒ ඒ පාර්ශවයන්ට අදාළ වන නීතීක්‍රමය අනුව වෙනස් වේ. එය ශ්‍රී
ලංකාවට අනන්‍ය වූ විවිධ වර්ණවලින් යුත් චිත්‍රයක් බඳු වූ නීති පද්ධතියක ස්භාවයට
අනුකූල වේ[1].
නිදසුනක් වශයෙන් දික්කසාද ලබා ගැනීමේදී විවාහය කඩාකප්පල්වීමේ සංකල්පය පිළිගන්නා
සාමාන්‍ය නීතීය පාර්ශවයන්ට දික්කසාදය ලබා ගැනීමට අවශ්‍ය නම් අනෙක් පාර්ශවයේ වෛවාහක
වරද ඔප්පු කළ යුතුය. අනෙක් අතට උඩරට නීතීය දික්කසාද ආරවුල් අධිකරණයෙන් බැහැර සරල
පටිපාටියක් මගින් සමථයකට පත් කරගැනීමට ඉඩසලසන අතර, මුස්ලිම් නීතියද දික්කසාදය
සම්බන්ධයෙන් ලිහිල් පටිපාටියක් අනුගමනය කරයි.
මෙම
වාර්තාව තුලින් අපේක්ෂා කරනුයේ ලංකාවේ දික්කසාදය සම්බන්ධයෙන් පවතින විවිධ නීතික්‍රම
විචාරාත්මකව අධ්‍යනය කිරීමයි. මීට අමතරව මෑත කාලීනව දික්කසාද නීතික්‍රම පිළිබඳව
ඉදිරිපත් වි තිබෙන කොමිෂන් වාර්තාද අධ්‍යනය
කරමින් කාලීන සමාජයට උචිත වන පරිදි දික්කසාද නීතියට නව ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් ඉදිරිපත්
කිරීමට මෙහිදී වැඩිදුරටත් අරමුණු කරගනී.
විවාහයක්
විසුරුවා හැරීමට අදාළ නීති පද්ධතිය පිලිබඳ සමස්ථ විවරණයක්
“Bewildering
variety may be found in divorce law, in the objective of divorce law, in
substantive law, in procedures, in consequences and in actual practice.”
-
Rheinstein [2]-
ඉහත
දක්වා ඇති ආකාරයට විව්ධත්වයක් නිර්මාණය වීමට මුලික පදනම බවට පත්ව ඇත්තේ එක් එක්
සමාජ කාණ්ඩයම් ඔවුන්ට අවේණික ආගමික හා සංස්කෘතිකමය සාධක පදනම් කරගෙන දික්කසාද නීති
පද්ධතියක් ගොඩනගා ගෙන ඇති හෙයිනි.
උදාහරණයක්
ලෙස, 19 වෙනි
ශතවර්ෂයේ මැද භාගය වන තුරුම එංගලන්තයේ විවාහය නැමති සංකල්පය සලකනු ලැබුවේ
පුජනීය වටිනාකමක් ඇති බැඳීමක් ලෙසය. පාර්ශවයන් ජීවත්ව සිටින කාලය තුල විවාහය
කිසිලෙසකින්වත් විසුරුවා හැරිය නොහැකි විය. කෙසේ නමුත් පසු කාලීනව 1857 දී පමණ ‘අනාචාරය’
යන සාධකය පමණක් මත පදනම්ව දික්කසාදය ලබා දුනි. 1967 පමණ වන
තෙක්ම දික්කසාදය වෛවාහක වරද යන සංකල්පයට පමණක් සීමාවී තිබුණි.
අනෙක්
අතට රෝමයේ විවාහය නැමති සංකල්පය පිළිගනු ලැබුවේ අධිකරණමය ක්‍රියාවලියක්
ලෙස නොව සමාජීයමය ක්‍රියාවලියක ප්‍රතිපලයක් ලෙසිනි. විවාහයද ‘affectio maritalis’ එනම් ‘කැමැත්ත’ මත පදනම් වුන බැවින් විවාහය විසුරුවා හැරීමද පාර්ශවයන්ගේ
කැමැත්ත මත සිදු කළ හැකි විය.
ඉන්දියාවේ විවාහය හා දික්කසාදය යන සංකල්ප දෙකම
සම්පුර්ණයෙන්ම පදනම්ව ඇත්තේ ආගමික
මතවාදයන් හා විශ්වාසයන් මතය. විශාල ආගමික කණ්ඩායම් ප්‍රමාණයක් සිටින නමුත් ප්‍රධාන
ආගම් කිහිපයක් තමන්ට අවේණික වූ පදනම් මත දික්කසාද නීතීය සකසා ගෙන තිබේ.
ලංකා නීතීය තුල
විවාහයක් විසුරුවා හැරීමට අදාළ නීති තත්වය සාකච්චා කිරීමේදී සමාජියමය පසුබිම මෙන්ම
ආගමික විශ්වසයන්ද දික්කසාද නීතීය කෙරෙහි බලපා තිබේ. යටත්විජිත යුගයේ බටහිර රාජ්‍යයන්ගේ
බලපෑම ලංකාවේ නීති පද්ධතියට සෘජුවම ලැබී ඇත. මීට හොදම නිදසුන වන්නේ ඒ ආභාෂය අනුව ලංකාවේ දික්කසාදය සම්බන්ධ ව්‍යවස්ථාපිත නීතීය ද වෛවාහක වරද යන සංකල්පයට පමණක් සීමාවී
තිබීමයි. හඳුන්වා දුන් නව නීති ක්‍රියාපටිපාටිය යටතේ ‘විවාහය’ යන්නට ඉහල නෛතිකමය
හඳුනා ගැනීමක් හිමි වූ අතරම අනෙක් අතට සම්ප්‍රදායික සරල දික්කසාද ලබාගැනීමේ
පටිපාටිය සම්පුර්ණයෙන්ම සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත්විය[3].
ලංකාවේ විවාහයක්
විසුරුවා හැරීම පිළිබඳ වර්තමාන නීති තත්වය.
ස්ත්‍රියක් හා පුරුෂයෙකු අතර නෛතික
සබඳතාවක් ඇති කරන බැඳීමක් විවාහයක් ලෙස හඳුන්වයි. එම දෙපාර්ශවයට තවදුරටත් එක්නිවසක්
තුල ජීවත්විය නොහැකි බවට හැඟී ගියවිට ගතහැකි වෛවාහක සහන ප්‍රධාන වශයෙන් තුනක්
හඳුනාගත හැක.
- · අධිකරණමය වෙන්වීම
- · දික්කසාදය
- · විවාහය ශුන්‍ය බවට පත්කිරීම.
දික්කසාදය
සම්බන්ධව බහුවිධ නීති පද්ධතියකට උරුමකම් කියන රටක් වශයෙන් ශ්‍රී
ලංකාව තුළ දික්කසාදය ලබා දෙන පදනම් එකිනෙකට වෙනස් වේ. මේ තත්ත්වය සාමාන්‍ය නීතීය,
උඩරට නීතීය හා මුස්ලිම් නීතීය යටතේ එකිනෙකට වෙනස්ය [4].
පවතින දික්කසාද නිතිය ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය
ලංකාවේ දික්කසාද නීතියට ඉංග්‍රීසි
නීතියේ සහ රෝම ලන්දේසි නීතින් වල ආභාෂය සැලකිය යුතු ප්‍රමාණයකට ලැබී ඇත. මෙයින්
බොහොමයක් නීති තවමත් එලෙසින්ම පවතින අතර මේ යල්පැන ගිය නීති තත්කාලීන සමාජ
සංස්කෘතියට කිසිලෙසකින්වත් ගැලපෙන්නේ නැත [5].
මෑතකාලීනව දික්කසාද නීතීය ප්‍රතිසංස්කරණයේ ඇති වැදගත් හා
මුලික අවශ්‍යතාවය මෙතරම් සාකච්ඡාවට භාජනය වීමට විවිධ හේතු කරණා පදනම් වී තිබේ.
එකසත්ජාතීන්ගේ
කමිටුවේ, කාන්තාවන්ට එරෙහිව සියලුම ආකාරයේ වෙනස්කම් තුරන් කරලීමේ සම්මුතිය (CEDOW) විසින් ශ්‍රී
ලංකාවේ පුද්ගල නීති සංශෝධනය විය යුතු බවට CEDOW සම්මුතියේ 2017 දී නිකුත් වූ වාර්තාවේ දැක්වේ.
“All personal laws be amended to remove discriminatory provisions regulating
ownership… marriage and divorce, child custody…”
එහි තව දුරටත් විශේෂයෙන් සඳහන් වෙන්නේ 1951 මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (MMDA) සංශෝධනය විය යුතු බවයි. එසේම අවශ්‍ය සංශෝධනයන් සිදු කර ඒ
පිළිබඳව නැවත 2021 නිකුත් වන CEDOW review වෙත ඉදිරිපත් කළ යුතු බවට රජයට දන්වා තිබේ [6].
එපමණක් නොව 2009 දී ද මිලින්ද මොරගොඩ මහතා විසින් සාමාජිකයන් 16 ගෙන් යුත්
කමිටුවක් පත්කරමින් මුස්ලිම් පවුල් නීතීය ප්‍රතිසංස්කරණයට අවශ්‍යය ලටයුතු සොයා බලන
ලෙස පවරා තිබේ. වසර 8 කට පසුව එම වාර්තාව මේ වසරේදී එළිදැක්වීමට නියමිත වේ [7].
මීට අමතරව 1970 Dr. H.M.Z.
Farouque මහතා ප්‍රමුඛ
කමිටුවක් මගින් මුස්ලිම්
විවාහ සහ දික්කසාද පනත හරයාත්මක හා පටිපාටිමය වශයෙන් සංශෝධනයට අවශ්‍යය ප්‍රතිසංස්කරණ
නිර්දේශ කරන ලදී[8].
තවද Report of commission on Marriage and divorce
Sessional paper XVI of 1959 මේ සම්බන්ධව වැදගත් වේ[9].මීට
අමතරව 1984, 1990, 2000, 2005 හා 2007 වර්ෂ වලදීද ලංකාවේ දික්කසාද නීතීය ප්‍රතිසස්කරණයට වාර්තා ඉදිරිපත් කර
තිබේ. ඉහත විස්තරය තුලින් ගම්‍ය වන මුලික කරුණක් වන්නේ නීති සම්පාදකයින් සාමාන්‍ය
නීතිය යටතේ දික්කසාද නීතීය සංශෝධනයට වඩා වැඩි අවධානයක්, මුස්ලිම් දික්කසාද නීතීය
සංශෝධනය කිරීමට යොමුකර ඇති බවයි.කෙසේ නමුත් සාමාන්‍ය නීතීය, උඩරට නීතීය හා
මුස්ලිම් නීතීය යන නීති පද්ධති තුනේම දුර්වලතා පවතී. ඒවා වෙන වෙනම සලකා බලමු.
- සාමාන්‍ය නීතීය (General Law)
සාමාන්‍ය නීතීය යටතේ දික්කසාදය සම්බන්ධ
නෛතික ප්‍රතිපාදන 1907 විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ සහ 1977 අංක 20
දරණ නීතියෙන් සංශෝධිත 1889 සිවිල් නඩු විධාන සංග්‍රහයේ (42 වන පරිච්චේදය) අඩංගු වේ. සාමාන්‍ය
නිතිය යටතේ දික්කසාද නඩු පිලිබඳ අනන්‍ය අධිකරණ බලය අධිකරණ සංවිධාන පනත මගින් පවුල්
අධිකරණ ලෙස ක්‍රියා කරන දිසා අධිකරණ වෙත ලබා දී ඇත.
සාමාන්‍ය විවාහ ආඥා පනතේ 19 (2) වගන්ති ප්‍රකාරව දික්කසාදය ලබා ගත
හැකි පදනම් තුනකි.
1. විවාහයෙන් පසු අනාචාරය
2. ද්වේශ සහගත හැරයාම
3. විවාහ වන අවස්ථාවේ පවතී සුවකළ නොහැකි
ලිංගික බෙලහීනතාවය
මෙයින් අනාචාරය යන්න කුමක්ද
විමසා බැලීමේදී, Rayden පවසන ආකාරයට එය “ consensual
sexual intercourse between a married person and a person of the opposite sex,
who is not the other spouse, during the subsistence of the marriage [10]” ලෙස හඳුන්වා තිබේ. මේ අනුව අනාචාරය නම් වරද ස්ථාපනය වීමට එක පාර්ශවයක් කලත්‍රයා
නොවන වෙනත් අයෙකු සමග විවාහය පවතින කාලය අතරතුරදී ලිංගික සංසර්ගයක් පවත්වා තිබිය
යුතුය. අනචාරී වරද ඔප්පු කිරීමේ ප්‍රමාණය සලකා බැලීමේදී එය සාධාරණ සැකයෙන් ඔබ්බට
ඔප්පු කළ යුතු බව ජයසිංහ එ ජයසිංහ [11]
හා ධර්මසේන එ නවරත්න[12]
යන නඩු වලදී තීරණය කර තිබේ.
සිල්වා
එ මිසිනෝන[13]
නඩුවේදී ද්වේශ සහගත හැරයාම විග්‍රහ කර තිබෙන්නේ විවාහයේ
වගකීම චේතනාන්විතව පැහැදිලි හා අවසානාත්මක ලෙස ප්‍රතික්ෂේප කිරීම වශයෙනි. මෙහිදී ක්‍රියාව
හෙවත් factum සහ චේතනාව හෙවත්
animus යන අංග
පැමිණිලිකරු විසින් ඔප්පු කළ යුතුය [14].
පොදු ගෘහයක් තුල ජිවත් වුවද එක පාර්ශවයක් විසින් ලිංගික ජීවිතය ප්‍රතික්ෂේප කරන්නේ
නම් එයද ද්වේශ සහගත හරයමක් ලෙස සැලකිය හැකිය [15]. මෙහිදී කලත්‍රයාගෙන් සිදුවන කරදර ඉවසා ගත නොහැකිව අහිංසක පාර්ශවයට වෛවාහක
නිවාස අතහැර යාමට සිදුවේ නම් එය අනුමිත ද්වේශ සහගත හැරයාම ලෙස හඳුන්වයි[16].
තෙවනුව සුවකළ නොහැකි ලිංගික බෙලහීනතාවය යටතේ දික්කසාදය ලබා ගැනීමට නම් විවාහ
වන අවස්ථාවේ සිට පවතින සුවකළ නොහැකි ලිංගික බෙලහීනතාවයක් පැවතිය යුතුය. මෙය කායික
ලෙස මෙන්ම මානසික වශයෙන්ද ඇති විය හැකිය. මානසික බෙලහිනතාවයන් සුවකළ හැකි බැවින්
කායික බෙලහිනතා පමණක් මේ යටතට ගැනෙන බව ගුණතිලක එ මිලිනෝනා [17]
නඩුවේදී ප්‍රකාශ කර තිබේ.
ඉංග්‍රීසි නීතීය හා නුතන රෝම ලන්දේසි නීතීය
දික්කසාදයට තර්කානුකුල පදනමක් ලෙස වෛවාහක වැරැද්ද යන්න හඳුන්වා දී තිබේ. එනම් දෙපාර්ශවයෙන් කවර හෝ පාර්ශවයක වන වරදක් පෙන්වා දීමේ අවශ්‍යතාවයි. එදිරිවාදි අධිකරණ සම්ප්‍රදාය හේතුවෙන් මෙවැනි ක්‍රමවේදයක්
පැවතීම අවශ්‍ය වූවත්, විවාහය වැනි මානුෂිය
බැදීමක් කෙළවර විය යුත්තේ එක් පාර්ශවයකගේ වරදකින් පමණක්මද යන්න සිතා බැලිය යුත්තකි. ලංකා නීතිය යටතේ දික්කසාදය ලබා ගැනීම සඳහා අයදුම් කිරීම යනුම
යුද්ධයක ආරම්භයක් වැනිය. දික්කසාදය ලබා ගන්නා විටදී එකිනෙකා අභිබවමින් අනෙකාගේ
වරදක් ඔප්පු කරන යුද්ධයකට පෙරළි හමාරය.
මෙවැනි දුර්වලතාවයන්
හේතුවෙන්ම ලොව බොහෝමයක් රටවල් අද වන විට ‘විවාහය කඩාකප්පල් වීම’ යන
සංකල්පය අනුගමනය කරයි. මෙයට කදිම නිදසුනක් ලෙස අසල්වැසි ඉන්දියාව සැලකිය
හැකිය. 1955 Hindu
Marriages Act වෙත ගෙනෙන සංශෝධනයක් මගින් 13-B එකතු කරමින් දැක්වූයේ වසරක
කාලයක් වෙන්ව සිටින විටදී දෙපාර්ශවයේ කැමැත්ත මත විවාහය අවසන් කළ හැකි බවයි. අප රටට නීතිය හඳුන්වා දුන්
බ්‍රිතාන්‍යයේද 1973 Matrimonial Causes Act යටතේ වරද මත පදනම් වූ ක්‍රමවේදයන්ට
අමතරව යථා තත්වයට පත් කළ නොහැකි ලෙසට විවාහය කඩාකප්පල් වීම යන පදනමද පිළිගනී. එහිදී වසරකට වඩා වැඩි කාලයක් දෙපාර්ශවය වෙන්ව සිටින
විටදී ඔවුන්ගේ ලිඛිත කැමැත්ත මත දික්කසාදයක් ලබා ගැනීම සඳහා යොමු විය හැකිය. ඇමරිකා එක්සත් ජනපද නීතිය පිළිබදව සැලකීමේදී 2010 අගෝස්තු මස නිව්යෝක් ප්‍රාන්තය විසින් ගෙන එන නව නීති
තත්වය හමුවේ වරද මත පදනම් වූ ක්‍රමවේදයන්ට අමතරව අන්‍යෝන්‍ය කැමැත්ත මත පාර්ශවයන්ට
දික්කසාදයක් ලබා ගැනීමට යොමුවීමේ හැකියාව ලබා දේ.
කෙසේ නමුත් ලාංකීය දික්කසාද
නීතිය පිළිබදව සැලකීමේදී අප තවමත් සිටිනුයේ මීට සියවසකට පමණ පෙර හඳුන්වා දුන් ඉංග්‍රීසි
නීතියත් සමගය
[18].
සිවිල් නඩු විධාන සංග්‍රහයට
ගෙනෙන 1977 අංක 20 සංශෝනය යටතේ එක්කරන 608(2)(b) වගන්තිය දක්වන පරිදි පාර්ශවයන් වසර
හතක කාල සීමාවක් වාසයෙන් හා සංවාසයෙන් වෙන්ව සිටියොත් එය දික්කසාදය ලබා ගැනීම සදහා
වන ස්වාධීන පදනමක් ලෙස සැලකිය හැකිද යන්න විවාදයට භාජනය වීය. මුතුරාණි එ තුරෙයිසිංහම්[19] නම් අභියාචනාධිකරණ තීරණයේදී
තම්බයියා විනිසුරැ විසින් ඉදිරිපත් කළ බහුතර විනිසුරැ මතයේදී දැක්වූයේ මෙය පවත්නා
සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් ඔබ්බට ගිය අවස්ථාවක් බවයි.
මෙරට දික්කසාදයක් ලබා ගැනීම සදහා යෙදෙන පදනම්
සම්බන්ධ නීතියේ වෙනස් කිරීමක් සිදු කිරීමට අවශ්‍ය නම් ඒ සදහා ප්‍රථමව 1907 සාමාන්‍ය විවාහ ආඥා පනත සංශෝධනය කළ යුතුය. නුතන සමාජ විද්‍යාත්මක ගණනය කිරීම්වලට අනූව ලංකාවේ දික්කසාද වීමේ ප්‍රමාණය
ක්‍රමයෙන් ඉහළ යමින් පවතී [20].
ලාංකීය විවාහ නීතිය සම්බන්යෙන් නව නීතියක්
හඳුන්වා දීමේ අවශ්‍යතාවය මත 2007 වසරේදී නීති කොමිෂන් සභාව විසින් ඉදිරිපත්
කරන Draft Matrimonial Cause Act හි 3( 1) යටතේ මෙම වෛවාහක වරද ඔප්පු කිරීම යන්නෙන්
බැහැරට ගොස් යථා තත්වයට පත් කළ නොහැකි ලෙසට විවාහය කඩා කප්පල් වීම යටතේ දික්කසාදයක්
ලබා ගැනීමට යොමු වීමේ හැකියාව ලබා දී ඇත. කෙසේ නමුත් මෙය කෙටුම්පත් අවිධියේ පමණක් පවතින්නක් වන
අතර තවමත් බලාත්මක වී නොමැත [21].
සිවිල් නඩුවිදාන සංග්‍රහයේ
608 (2) (a) වගන්තිය[22] මගින්
අධිකරණ වෙන්වීමේ නියෝගයක් ලබා දී වසර 7 කට පසුව එම නියෝගය දික්කසාද තීන්දු ප්‍රකාශයක්
බවට පත් කරන ලෙස පාර්ශවයන්ට දිසා අධිකරණයට
ඉල්ලීමක් කළ හැක. මෙය ඉදිරිගාමී පියවරක් ලෙස සඳහන් කළ හැක. කෙසේ නමුත් 1959
ඉදිරිපත්කළ වාර්තාවේ 257 වන ඡේදය තුලින් de facto separation යන්න දික්කසාදය ලබා දීමේ පදනමක් ලෙස හඳුනා ගැනීම
සුදුසු නොවන බව ඔවුන් දක්වා තිබේ [23].
ඉදිරිපත්කරන
ලද Matrimonial causes act (2000)
හි දික්කසාදය ලබා දීමේ
මුලික පදනම ලෙස විවාහය කඩාකප්පල්
වීම [24] යන්න හඳුනා ගනී. විවාහය කඩාකප්පල් වීම යටතේ දික්කසාදය ලබා ගැනීමේදී
එය පාර්ශවයන් දෙක හතුරන් ලෙස තරඟ වැදී එක පාර්ශවයක් ජයග්‍රණය ලබනවා මෙන් නොව,
පරාජය හිමි වන්නේ පාර්ශවයන් දෙකටම සමානවයි. මේ ක්‍රියාවලිය යටතේ වෛවාහක
පාර්ශවයන්ගේ බැඳීමට කිසිදු බලපෑමක් සිදු වන්නේ නැත. කෙසේ වෙතත් එදිරිවාදී නීති
සම්ප්‍රදායක් තුල විවාහය කඩාකප්පල් වීම යටතේ දික්කසාදය ලබාදීම යන්න හඳුන්වා දීම ඉතාමත්
අපහසු කටයුත්තකි. මේ නිසා වඩාත් සුදුසු වන්නේ
දික්කසාද නීති පද්ධතිය මෙන්ම අධිකරණමය ක්‍රියාවලිය විමර්ශනවාදී සම්ප්‍රදායට අනුව
වෙනස් කිරීමයි.ඉහත කරුණු කරණා සියල්ල අනුව සාමාන්‍ය නීතිය යටතේ දික්කසාදය ලබා දීමේ
පදනමක් ලෙස විවාහය කඩාකප්පල් වීම හඳුන්වා දීම ඉතාමත් වැදගත් අවශ්‍යතාවක් වන බව
පැහැදිලිය. එසේම ‘කෘරත්වය’ යන සංකල්පය දික්කසාදය ලබා දීමේ පදනමක් ලෙස හඳුන්වාදීම ප්‍රතිඵලදායි
විය හැකිය [25].
තවදුරටත් ඉදිරිපත් කළ හැකි යෝජනාවක් වන්නේ විවාහය සම්බන්ධ
නඩු කටයුතු වල අධිකරණමය බලය පැවරීමට වෙනම පවුල් නීති උසාවි (Family courts) හඳුන්වා දීමයි. 1978 පමණ මෙවැනි පවුල් උසාවි පිහිටුවිමට උත්සහාගෙන
තිබුනද ඒවා අසාර්ථක වි තිබේ.ඒ සමගම විමර්ශනවාදී
නීති සම්ප්‍රදායකට අවශ්‍ය පසුබිම සැකසීමද වැදගත් කාරණාවකි.
සාමාන්‍ය නීතියේ දික්කසාදය ලබාදීමේදී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම පවතින සමානාත්මතාවය අනෙකුත් විශේෂ තුලද ඒ ආකාරයෙන්ම පවතිනවාද යන්න ගැටළු සහගතය.කෙසේවෙතත් ව්‍යවස්ථාව මගින් පනවා ඇති සමහර ප්‍රතිපාදන යටතේ මෙම තත්වයට සිමා පනවා තිබේ. ඒ අනුව 12 (1) (4) ව්‍යවස්ථාව[26] යටතේ නීතීය ඉදිරියේ සියල්ලන්ම සමාන බව දක්වා තිබේ. මෙවැනි ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන මගින් නීති ප්‍රතිසංස්කරණයට අවශ්‍ය පදනම තවත් ශක්තිමත් කරයි.
2. උඩරට නීතිය (Kandyan Law)
පහත සඳහන් හේතුමත උඩරට නීතියේදී දික්කසාදයක් ලබා ගත හැකි
බව 1952 අංක 44 දරණ උඩරට විවාහ හා දික්කසාද පනතේ 32 වන වගන්තියෙන් දක්වයි.
1.
විවාහයෙන් පසු බිරිඳගේ අනාචාරය .
2.
විවාහයෙන් පසු පුරුෂයාගේ අනාචාරය.
3.
පුර්ණ කෘරත්වය.
4.
භාර්යාව/ පුරුෂයා විසින් වසර 02 කා කාලයක් පුර්ණ හා අඛන්ඩ ලෙස හැරයාම හෝ වෙන්වීම.
5.
වාසයෙන් හා සංවාසයෙන් පවුල් ජීවිතය එක්ව සතුටින් ගත කළ නොහැකි වීම.
6.
අන්‍යෝන්‍ය කැමැත්ත මත දික්කසාද වීම.
ඉහත දික්කසාද හේතු වලින් පෙනී යන්නේ උඩරට නීතියේදී
දික්කසාදය ලබා දීම සඳහා වෛවාහක වැරැද්ද මෙන්ම විවාහය කඩාකප්පල්වීමේ සංකල්පයද
පිළිගෙන ඇති බවයි. ඉහත කී පනතේ 33 වන වගන්තිය ප්‍රකාරව උඩරට දික්කසාදයක්
ලබා ගැනීමට ඉල්ලුම් කළ යුත්තේ දිසා
අධිකරණයට නොව, අදාළ උඩරට ප්‍රදේශයේ දිස්ත්‍රික් විවාහ රෙජිස්ටාර්වරයා වෙතය.
උඩරට නීතීය යටතේ දික්කසාදය ලබා දෙන පදනම් 6ක් හඳුනා ගන්න ලදී. ඒ යටතේ
වෛවාහක වරද, විවාහය කඩාකප්පල් වීම සහ කැමැත්ත යන සාධක තුනම අඩංගු විය. සාමාන්‍ය නීතියේ මෙන් නොව උඩරට නීතීය යටතේ දික්කසාද
පටිපාටිය සංකීර්ණ නොවන හා වියදම් අධික නොවන ක්‍රමයකි. උඩරට
නීතියේ විවාහ හා දික්කසාද පනතේ 32 වගන්ති ප්‍රකාරව විවාහයෙන් පසු කාන්තාවගේ අනාචාරය පමණක් පදනම්
කරගනිමින් දික්කසාදය ලබා දුන්නද පුරුෂයාගේ අනාචාරය සඳහා දික්කසාදය ලබා දෙනුයේ එය
කෘරත්වය සමග මුසු වූ අනාචාරය වන්නේ නම් පමණි. මෙයින් පැහැදිලිවම කාන්තාවන්ට
අසාධාරණයක් සිදුව තිබේ. ඒ අනුව 1979 දී ඉදිරිපත් කරන ලද දික්කසාද නීති ප්‍රතිසංස්කරණ
යෝජනාවලිය මගින් ඉරිපත් කර තිබෙන
යෝජනාවක් වන්නේ
“ the requirement in Kandyan law that adultery by the husband should be
coupled with incest or gross cruelty to ground an action for divorce against
him should be modified to enable a wife to obtain a divorce on the mere proof
of adultery by the husband after marriage [27]“ යනුවෙනි. මෙය ඉතාමත් වැදගත් යෝජනාවක් වුවත්
මේ වන විටත් ඒවා සහතික කර නොමැත.
තවද
දීඝ විවාහයේ හා බින්න විවාහයේ දික්කසාදය ලබා ගැනීමේදී ද සුළු සුළු වෙනස්කම් හඳුනා
ගත හැකිය. ඒ අනුව බින්න විවාහයකදී දෙමව්පියන්ගේ මැදිහත්වීමකින් විවාහය දික්කසාද කළ
හැකිය. එයට බිරිඳගේ කැමැත්ත අනිවාර්ය නොවේ. දීඝ විවාහයකදී සාධාරණ හේතුවක් හැරෙන්නට
පාර්ශවයන්ගේ කැමැත්ත රහිතව විවාහයක්
විසුරුවාහැරිය නොහැක [28]. සාම්ප්‍රදායික මතවාදයන්ගෙන් ඔබ්බට ගොස් කැමැත්ත
මත දික්කසාදය ලබා දීම උඩරට නීතියේ ඉතාමත් ප්‍රගතිදායි තත්වයක් ලෙස හඳුනා ගත හැකිය.
කෙසේ නමුත් මෙයින් විවාහය යන ගිවිසුමට සමාජයේ ඇති පිළිගැනිම අඩු වීමක් දක්නට ලැබේ.
1959 යෝජනාවලියේ 209 වන ඡේදයෙන්[29] දක්වන පරිදි අනාචාරය
යන පදනම ඉවත් කළ යුතුය. තවද 32 වන වගන්තියෙන්[30] දැක්වෙන ‘හැරයාම’ යන
පදනමද ඉවත්විය යුතු බවට දක්වා තිබේ. 32 වන වගන්තියේ දක්වන මෙම පදනම් වෙනුවට ආදේශ කළ හැකි වෙනත් පදනම් කිහිපයක් යෝජනා
කර තිබේ.
·
Cruelty
·
Incompatibility of temperament
·
Habitual drunkenness
·
Venereal diseases
·
Leprosy in the other spouse
·
Murder by one of the spouse
·
Imprisonment of spouse
·
Insanity
·
Disappearance of a spouse
·
De facto separation for a period
·
Period of separation after
judicial separation
කෙසේ නමුත් මෙම යෝජනා කළ සියල්ලම ඔවුන් නිර්දේශ කළ
නොකර අතර මෙයින්, කෘරත්වය, එක්
පාර්ශවයකට ලාදුරු රෝගය වැළඳීම, එක් පාර්ශවයක් විසින් මිනිමරුවක් සිදු කිරීම, උමතුව,
එක් පාර්ශවයක් අතුරුදහන් වීම [31]
යන සාධක පමණක් 32 වන
වගන්තියට ඇතුලත් වීමට සුදුසු බව ප්‍රකාශ කරන ලදී.
ඉහතින් සිදු කළ විග්‍රහයට අනුව යෝජනා කළ හැකි ප්‍රතිසංස්කරණ
ලෙස දික්කසාදය ලබා දීමේ පදනමක් ලෙස අනාචාරය ඉවත් නොකළ යුතු බවත්, වඩාත් සුදුසු
වන්නේ ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශවයටම සමාන වන පදනමක් ලෙස දෙපාර්ශවයටම අනාචාරය ඔප්පු කිරීමෙන් දික්කසාදය ලබා දිය හැකි ලෙස ප්‍රතිපාදන සැකසීමයි.
3. මුස්ලිම් නිතිය (Muslim Law)
මුස්ලිම් නීතීය යටතේ දික්කසාදය සිදු කරනු ලබන්නේ 1951
අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත මගිනි. පනතේ 98(2) වගන්තියෙන්
දැක්වෙනුයේ, මුස්ලිම් විවාහ හා දික්කසාද වලට අදාළව පාර්ශවයන් යටත් වන මුස්ලිම්
නිකායේ නීති ප්‍රකාරව කටයුතු කළ යුතු බවයි. ඒ අනුව පාර්ශවයන්ට දික්කසාද ලබා ගැනීම
කිහිප ආකාරයකින් සිදු කළ හැකිය.
1.
මුඛාරත් -
දෙපාර්ශවයේම කැමැත්ත මත දික්කසාද වීම.
2.
තලාක් - සැමියා
විසින් දික්කසාද කරීමේ ක්‍රමයකි. මෙහිදී දික්කසාදයට හේතු දැක්වීමට පුරුෂයා බැඳී
නැත. මෙම ක්‍රමය තවත් කොටස් දෙකකට බෙදේ.
·
අවලංගු කළ හැකි තලාක් ( තලාක් අසාන්, තලාක් හසාන් )
·
අවලංගු කළ නොහැකි තලාක්
3.
කුලා - බිරිඳ
විසින් දික්කසාද කිරීමේ ක්‍රමයකි. පනතේ 28(2) වගන්තියෙන් දක්වයි.
4.
ෆසා - මුස්ලිම්
විවාහක බිරිඳකට සැමියාගේ වරදක් පදනම් කර ගනිමින් ඔහුගේ කැමැත්ත රහිතව ෆසා
දික්කසාදය ලබා ගත හැක.
ඉහත කවර ආකාරයකට දික්කසාද ලබා ගැනීමට වුවද මුස්ලිම්
විවාහ හා දික්කසාද පනතේ 27 ,28 හා 29 වගන්තිවල දැක්වෙන කාර්ය පටිපාටිය කති උසාවියක් තුලදී අනුගමනය කළ යුතුය.
මුස්ලිම් දික්කසාද සම්බන්ධව දැකිය හැකි සුවිශේෂී
ලක්ෂණයක් වන්නේ දෙපාර්ශවයේ කැමැත්ත මත ලබා ගන්න දික්කසාදයේදී හැර භාර්යාව හා
පුරුෂයා සමාන අයිතිවාසිකම් භුක්ති නොවිදීමයි [32].
මුස්ලිම්
නිතිය සලකා බැලීමේදී තලාක් ක්‍රමය තුලින් ස්වාමි පුරුෂයාට කිසිදු හේතුවක් ඉදිරිපත්
නොකර තම බිරිඳව දික්කසාද කළ හැකි අතර කාන්තාවට සැමියාගේ වරදක් නොපෙන්වා දික්කසාදය
ලබාගැනීමට පවතින කුලා ක්‍රමයේදී වුවද සැමියාගේ කැමැත්තෙන් තොරව දික්කසාදය ලබා ගත
නොහැක. රජය එ මිස්කින් උම්මා [33] නඩුවේදී ජයවර්ධන විනිශ්චයකාරතුමා
ප්‍රකාශ කරන ලද්දේ කුලා දික්කසාදය ආරම්භ කරනුයේ කාන්තාව වුවද එහි අවසාන තීන්දුව රඳා
පවතිනුයේ සැමියාගේ කැමැත්ත මත බවයි. Mr.fyzee 1973 මුස්ලිම් නීති ගවේෂණ කමිටු වාර්තාවේ සඳහන් කරන ආකාරයට මුස්ලිම් නීතියේ හඳුනා ගත හැකි
මුලිකම දුර්වලතාවය වන්නේ හේතුවක් නොමැතිව බිරිඳව දික්කසාද කිරීමට සැමියාට ලබා දී
ඇති අසීමිත බලතලයයි[34].එක පාර්ශවයකගේ පමණක්
සහභාගිත්වයෙන් සිදු කරන මෙම දික්කසාද ක්‍රමය මුස්ලිම් නීතියටම විශේෂ වුවකි.
දැනට පවතින නීතිය යටතේ මුස්ලිම් කාන්තාවකට ෆසා දික්කසාදය ලබා ගත හැකි අවස්ථා හයක් 28(1)
වගන්තිය දක්වයි [35]. 1973 කමිටු
වාර්තාව මගින් මෙම වගන්තියට
ආදේශ කිරීමට නව වගන්තියක් ඉදිරිපත් කරයි. ඒ යටතේ සැමියා ආගිය අතක් නොමැති වීම,
සැමියා වසර 4 ක් හෝ ඊට වැඩ වැඩි ප්‍රමාණයකට සිරදඬුවමකට යටත් වීම, සුව කළ නොහැකි හෝ සුව
කිරීම ඉතාමත් අපහසු වන රෝගයකින් පෙලීම යනාදී පදනම් සලකා බලා තිබේ [36]. කෙසේ නමුත් මේ යෝජනා
කිසිවක් තවම සම්මත වී නැත. තවදුරටත් මෑතකදී එළිදක්වන ලද Submission of
ACJU on MMDA reform
මගින් වර්තමානයේ ජිවත්වන මුස්ලිම් ජනයාගේ
යථාර්ථය සම්පුර්ණයෙන්ම නොසලකාහැර ඉදිරිපත් වුවක් ලෙස හඳුනා ගත හැක[37].
නැවත 1990 එළිදක්වන
ලද කමිටු වාර්තාවකින්ද ඉතා වැදගත් සංශෝධන යෝජනා කිහිපයක් ඉදිරිපත් කරතිබුණි. එහි දෙවන පරිච්ඡේදය
මගින් ක්වසි අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබුන
අතරම 12(1) වගන්තිය සංශෝධනය කරමින් කාන්තා ක්වාසි අධිකරණ පිහිටුවීම පිළිබඳව
විශේෂ අවධානයක් යොමු කර තිබුණි [38]. 2.24 වගන්තිය යටතේ කුලා දික්කසාදය පිලිබඳ ක්‍රියාපටිපාටිය සංශෝධන කිරීම අත්‍යවශ්‍ය බව දක්වා තිබේ[39].
පවතින මුස්ලිම් විවාහ හා දික්කසාද පනතට නව සංශෝධන ගෙන ඒමෙන් මුලිකවම
අපේක්ෂා කරනුයේ සධාරණත්වය හා සමානාත්මතාවය සපිරි නව පනතක් ඇති කිරීමයි.මෙහිදී නීති
සම්පාදකයින් මුලිකවම අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයකි. එනම් මුලික අයිතිවාසිකම්
පරිච්ඡේදය යටතේ එන තනි පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත්, ස්ත්‍රී පුරුෂ
දෙපාර්ශවයටම සමාන වන සේ නීතීය මගින් දික්කසාද සහන ඇති කිරීම හා ක්වාසි උසාවි හි
කාන්තා නියෝජනයද 50% ක් ඇති කිරීමයි. එවැනි වැදගත් වෙනස්කම් ඇති කිරීම තුලින්
මුස්ලිම් දික්කසාද නීතීය තුල ඇතිව තිබෙන ව්‍යාකුලතා අවම කරගැනීමට නිසැකවම හැකිවනු
ඇත.
නිගමනය
ඉහතින් සිදු කරන ලද සමීක්ෂණයට අනුව
පසක් වන කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ නීති පද්ධතියේ දික්කසාදය ලබා දෙන ප්‍රධාන නීති
තුනෙහිම යම් මට්ටමක අඩු ලුහුඬුතා පවතින බවයි. ඒ අනුව දික්කසාද නීති ප්‍රතිසංස්කරණය
කිරීමේ වැදගත් අවශ්‍යතාවක් මෑතකාලීනව මතුව තිබේ. එම ප්‍රතිසංස්කරණ ඉදිරිපත්
කිරීමේදී හුදෙක් ලංකාවේ පවතින උත්තරීතරම නීතීය වන ව්‍යවස්ථාවට අනුකුල වන පරිදි
අන්තර්ජාතික සම්මතයන්ට පටහැනි නොවන ආකාරයට සැකසීම විශේෂයෙන් සලකා බැලිය යුතු
කාරණයකි. සියවස් ගණනකට පෙර පනවන ලද මෙම
නීති වර්තමානය වන විට යල්පැන ගොස් ඇති අතර කාලීන සමාජයට ගැලපෙන පරිදි නව දික්කසාද
පද්ධතියක් ඇති කිරීම වඩාත් යෝග්‍ය වේ.
විශේෂයෙන් නව සංශෝධන සැකසීමේදී දැනට ඉදිරිපත් වි ඇති නමුත් සම්මත නොකරන ලද
කොමිෂන් වාර්තා, කමිටු වාර්තා වල තිබෙන කරුණු සැලකිල්ලට ගතහැක. මේ ආකාරයට ලංකාව
තුල ශක්තිමත් නීති පද්ධතියක් ස්ථාපිත කිරීමට හැකි වනු ඇත.
Chathuri Erandika Kottage
Faculty of lawmy
Final year undergraduate
[2] Rose
Wijesekara, “ Divorce in a plural society: the need to preserve
Multiculturalism with special reference to Sri Lanka” , Sri Lanka journal of
International law, VOL.16 p.301
[4] වයි. ඒ.
උදානි දයාරත්න,ඒ.සී. උමන්දී ජයරත්න, “ ශ්‍රී ලංකාවේ දික්කසාදය සම්බන්ධ නෛතික තත්වය”,
“තුලාව” නීති සඟරාව, 2016-01 ඛාණ්ඩය- 01 කලාපය. පිටුව 23
[6] Zahrah Imtiaz,“CEDOW asks
Sri Lanka to Amend personal laws” , <http://dailynews.lk/2017/03/08/local/109743/cedaw-asks-sri-lanka-to-amend-personal-laws
> last accessed- 2017/04/30
[7] “Sri
Lanka Muslim Marriage and divorce act reform report in final stages”, <http://www.economynext.com/Sri_Lanka_Muslim_Marriage_and_Divorce_Act_reform_report_in_final_stages-3-7259-10.html> last accessed-
2017/04/30
[9] Savithri W.E.
Goonasekere, “Family law in a multi cultural society with plural legal
traditions: The Sri Lanka Experience”, ‘The International society of Family
law’ 1998, (printed in Nederland).
p.401-417
[10] වයි. ඒ.
උදානි දයාරත්න,ඒ.සී. උමන්දී ජයරත්න, “ ශ්‍රී ලංකාවේ දික්කසාදය සම්බන්ධ නෛතික තත්වය”,
“තුලාව” නීති සඟරාව, 2016-01 ඛාණ්ඩය- 01 කලාපය. පිටුව 23
[10] Sharya Scharenguivel, “The Sri Lankan general law of marriage:
dutch,Victorian, or indigenous?”
[10] Zahrah Imtiaz,“CEDOW asks
Sri Lanka to Amend personal laws” , <http://dailynews.lk/2017/03/08/local/109743/cedaw-asks-sri-lanka-to-amend-personal-laws
> last accessed- 2017/04/30
[10] “Sri Lanka Muslim Marriage and divorce act reform report in final
stages”, <http://www.economynext.com/Sri_Lanka_Muslim_Marriage_and_Divorce_Act_reform_report_in_final_stages-3-7259-10.html>
[14] Sharya
de Soysa, “ An Evolution of the case law relating to desertion as a ground for
divorce”, ‘Colombo Law Review’ (1979), VOL 5 ( Law review association, Faculty
of law, University of Colombo, Colombo 3, Sri Lanka )
[16] Lakshman Marasinghe, Sharya Scharenguivel, “ Compilation of
Selected aspects of the special laws of Sri Lanka” , (1st EDN
june 2015, Vijitha yapa Publication, Unity plaza, 2 galleroad, Sri Lanka)
chapter 8, p. 62
[18] “වෙන්වීමට අවශ්‍ය වූවත් වෙන් නොකරන ලංකාවේ දික්කසාද නීතිය”
, <https://wankagiriya.wordpress.com/2015/11/08/sri-lanka-divorce-law/
>
[21]
E. M.
Y. G. Ekanayaka, “RETHINKING
THE GROUNDS FOR DIVORCE IN GENERAL LAW OF SRI LANKA: A COMPARATIVE ANALYSIS”, (International
Journal of Business, Economics and Law, Vol. 10, Issue 4-ISSN 2289-1552)
[26] Article12 (1)
(4) of the constitution of the Democratic Socialist
Republic of Sri Lanka. [1978]
[28] Nirmala
Chandrahasan, “Internal Conflicts and the question of intervention at
international law”, ‘The Colombo law review (1979)’ , (VOL.5, Law review
association, Faculty of law, University of Colombo, Colombo 3, Sri Lanka)
[29] 209 paragraph ,Report
of commission on Marriage and divorce Sessional paper XVI of 1959
[34] “Proposals
for the amendment of the Muslim Marriage and Divorce Act (Cap.115): A report to
government prepared in March 1973 by the Muslim law research committee: Note by
the editor- A draft” ,’ Colombo review-1978’, p. 68
[37] “ ACJU statement
Unacceptable we demand accountability on MMDA reforms”, daily mirror 6 April
2017, <https://www.pressreader.c0m/sri-lanka/daily-mirror-sri-lanka/20170406/2825787894154 > last accessed-
2017-07-05
[38] “Report of the committee appointed by the Honorable Minister of state for
Muslim religious and cultural affairs to recommend amendments to the Muslim
Marriage and Divorce Act and the WAKFS act- 1990” p.19

ස්තූතියි මිස්..හරවත් ලිපියක්✌️
ReplyDeleteස්තූතියි !!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
Delete